අද කතාවෙ මාතෘකාව ඕකිඩ් වගාවකට හැදෙන දිලීර රෝග
ආයුබෝවන් . . කාලෙකින් නේද??
ටිකක් කාර්යබහුල වුනා. . .
මැසේජ් පිරිලා inbox එකේ. . . ඕකිඩ් ගැන කියලා දෙන්නෙ නැද්ද අහලා. .
ගොඩක් අය අහන්නෙ ඕකිඩ් වලට හැදෙන ලෙඩ ගැන කියලා දෙන්න් කියලා. .
ඒ නිසා අපි ඒ ගැන කතා කරමු යාලුවනේ . . .
ටිකක් කාර්යබහුල වුනා. . .
මැසේජ් පිරිලා inbox එකේ. . . ඕකිඩ් ගැන කියලා දෙන්නෙ නැද්ද අහලා. .
ගොඩක් අය අහන්නෙ ඕකිඩ් වලට හැදෙන ලෙඩ ගැන කියලා දෙන්න් කියලා. .
ඒ නිසා අපි ඒ ගැන කතා කරමු යාලුවනේ . . .
ඕකිඩ් අපි වගේම තමයි. එයාලටත් දිලීර , බැක්ටීරියා ,වෛරස ,ප්‍රොටොසෝවා, වෙනත් සත්ත්ව හානි වෙන්න පුලුවන් . .
ඒ නිසා ආදරණීය ඕකිඩ් වගාවක් පවත්වා ගන්න නම් අපි කොහොමද මේ දේවල් අදුර ගන්නෙ කියලා අපි බලමු.
ඒ නිසා ආදරණීය ඕකිඩ් වගාවක් පවත්වා ගන්න නම් අපි කොහොමද මේ දේවල් අදුර ගන්නෙ කියලා අපි බලමු.
අද කතාවෙ මාතෘකාව ඕකිඩ් වගාවකට හැදෙන දිලීර රෝග පිලිබඳව . .
01. දියමලන්කෑම - Damping off
Phythium / Sclerotium කියන දිලීර තමයි මේ ඕකිඩ් වලට හානි කරන්නෙ.
විශේෂයෙන්ම කුඩා බෝතල් වල තිබිලා වගා මාධ්‍යට මාරු කරන පැල වලට,
කොම්පෝට් වලට ,
ඒ විතරක් නෙමෙයි ඕනෑම වයසක මෝරපු ගහකට damping off හැදෙන්න පුලුවන් .
විශේෂයෙන්ම කුඩා බෝතල් වල තිබිලා වගා මාධ්‍යට මාරු කරන පැල වලට,
කොම්පෝට් වලට ,
ඒ විතරක් නෙමෙයි ඕනෑම වයසක මෝරපු ගහකට damping off හැදෙන්න පුලුවන් .
හපෝ. . මුලු වගාවක්ම සතියෙන් දෙකින් වුනත් විනාශ වෙලා යනවා. .
ඒනිසා පරිස්සමෙන් .
ඒනිසා පරිස්සමෙන් .
මාධ්‍යට සම්බන්ධ වෙන ස්ථානය කලු දුඹුරු පාට වෙලා ජෙල් ගතියක් තියෙනවා නම් විමසිලිමත් වෙන්න. .
සාමාන්‍යයෙන් දිලීර රෝග වල ස්වභාවය දිරාපත් වීමක් වුනත් මෙතනදී බැක්ටීරියා ආසාදනයක් වගේ පෙන්නුම් කරනවා.
ඒකත් සුවිශේෂ දෙයක්. .
ඒකත් සුවිශේෂ දෙයක්. .
රෝගය හැදෙන්න කලින් වලකාලීමට හැකි නම් හොඳයි .
වගා මාධ්‍යට කැප්ටාන් , තිරාම් වැනි දිලීර නාශකයක් යෙදීම.
වගාව තුල වාතනය දියුණු කිරීම
සතියකට වරක් කැප්ටාන් , තිරාම් යෙදූ වැහි ජලය වගාවන්ට භාවිතා කරන්න පුලුවන් .
අධික වැහි කාලයක් නම් පොලිතීන් යොදා වගාව තෙමෙන එක අඩු කරන්නත් පුලුවන් .
මම මේ ගැන පරණ ලිපි වල සදහන් කරලා තියෙනවා .
02. අග්රස්ථ කුනුවීම Phytopthera palmirora
ඩෙන්ඩ්‍රෝබියම් , පැලනොප්සිස්, වැන්ඩා මේ ඕනම ඕකිඩ් වර්ගවල දකින්නට පුලුවන්.
අග දලු කොටස් කහ වෙලා කුනු වෙලා වැටෙන ගතියක්. . .
ලංකාවේ සුලභ රෝගයක් .
ලංකාවේ සුලභ රෝගයක් .
ගහ සම්පූර්ණයෙන් විනාශ නොවුනත් ගහ ගොඩක්බාල වෙනවා.
ප්‍රතිකාර විදියට metalaxyl අඩංගු දිලීර නාශකයක් යොදන්න .
වාතනය දියුණු කරන්න ඕකිඩ් පැල අතර යම් දුරක් හිටින විදියට තැම්පත් කරන්න.
03. දුඹුරු තිත් රෝගය Anthracriose
,හොදින් වර්ධනය වුන කොල මත කහ පාට පුල්ලි ඇති වෙලා ඒවා පැතිරී පත්‍ර හැලෙන්න පුලුවන් .
මේ රෝගයත් ලංකාවේ සුලභ වෙලා. පැතිරී යාමේ අවදානම ඉහලයි.
විශේෂයෙන්ම ඩෙන්ඩ්‍රෝබියම් හා වැන්ඩා වල දකින්න තියෙනවා .
මැංකොසෙබ් mancozeb කියන දිලීර නාශකය යොදා තත්වය පාලනය කරන්න පුලුවන්.
කොටස් මූලික අවධියේම කපා ඉවත් කර දිලීර නාශක් ආලේප කල යුතුයි.
04. කොල කහ වීම leaf yellow infection
අධික වර්ශාව සහිත විට මේ රෝගය පැතිරෙන්න පුලුවන් .
Anthracriose රෝග පාලනය කරන ක්‍රමයටම මෙයත් පාලනය කරන්න පුලුවන් .
අනික ගහට ජලය වගේම නයිට්රජන් අඩු වුනහමත් කොල කහ වෙන්න පුලුවන් නිසා විමසිලිමත් වෙන්න.
ස්පර්ශ දිලීර නාශකයක් mancozeb භාවිතා කරන්න පුලුවන් .
මේ දිලීර රෝග තමයි අපිට සුලභව දක්නට ලැබෙන්නේ .
ඒනිසා සතියකට වරක් මාඋවෙන් මාරුවට captan සහ Mancozeb ඕකිඩ් වගාවකට යොදනව නම් මේ දිලීර හානි අවම කර ගන්න පුලුවන්.
ඒනිසා සතියකට වරක් මාඋවෙන් මාරුවට captan සහ Mancozeb ඕකිඩ් වගාවකට යොදනව නම් මේ දිලීර හානි අවම කර ගන්න පුලුවන්.
ඒවගේම ඔබගේ සෞඛ්‍යට හානි නොවෙන්න ආරක්ෂක උපක්‍රම අනුගමනය කරන්න කියල මතක් කරන්න කැමතී.
තව ලෙඩ ටිකක් ගැන කතා කරන්න නැවත හමුවෙමු .
No comments:
Post a Comment