Saturday 4 July 2015

ඩෙන්ඩ්‍රෝබියම් ගැන තව ටිකක්. . .


ඩෙන්ඩ්‍රෝබියම් ගැන තව ටිකක්. . . ඕකිඩ් ගැන කතා කරන ලිපි මාලාවෙ තවත් අපූරු කතාබහක් ආරම්භ කරන්න තමයි මම මේ සූදානම් වෙන්නෙ. 





ඩෙන්ඩ්‍රෝබියම් ගැන තව ටිකක්. . .
ඕකිඩ් ගැන කතා කරන ලිපි මාලාවෙ තවත් අපූරු කතාබහක් ආරම්භ කරන්න තමයි මම මේ සූදානම් වෙන්නෙ.
ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් වර්ගය සදහා සුදුසු පාරිසරික තත්ව සහ දැල් ගෘහයක් සෑදීමේදී සැලකිලිමත් විය යුතු කරුණු ගැන අපි කතා කරමු.
ලංකාව සමකාසන්න රටක්. උශ්ණත්වය ඉහල රටක්. නමුත් වනාන්තර නිසා වායු ගෝලීය තෙතමනය නිසාත් වර්ශා රටාව නිසාත් සිසිල් දේශගුණයක් රට පුරා දකින්නට ලැබෙනවා.
සෘතු වෙනස එතරම් අපේ රටට බලපෑමක් නොකරන නිසා ඕකිඩ් වගාවට සුදුසු පරිසර සාදක අපේ රටෙන් 70% කම පවතිනවා.
මොනවද මේ ඕකිඩ් වලට අවශ්‍ය පරිසර සාධක.
1. ඩෙන්ඩ්‍රෝබියම් වර්ගයේ ඕකිඩ් ගත්තොත් මෙයට ගැලපෙනම උෂ්ණත්වය සෙල්සියස් අංශක 30-32 අතර උෂ්ණත්වය යි.
2. ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් වර්ෂා ජලයට තෙමීමට ඉතාම ප්‍රිය කරන ශාකයක්. වැහි ජලයේ දියවී ඇති නයිට්‍රජන් අවශෝෂණය කරගෙන වර්ධනය වෙන්න එමගින් හැකියාව තියෙනවා.
3. ලංකාවට ලැබෙන ඉර අව්වේ තීව්‍රතාවය අනුව ඉන් 50%-60% අතර සෙවනක් ඕකිඩ් සදහා ගැලපෙනවා.
4. ඕකිඩ් මල් පිපෙන කාලයට තද වර්ෂා සහිත පරිසරයක ඉන්න ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් කැමති නැහැ .
5. ඒ වගේම වියලි පරිසරයක ඩෙන්ඩ්‍රෝබියම් වැව්වොත් ඉතා හොදින් වර්ධනය සිද්ධ වෙනවා
6. දැල් ගෘහයක් නිර්මාණය කරනකොට අපි ප්‍රධාන වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනි එහි උස පිලිබදව .
උස සැම විටම අඩි 10 කට වඩා වැඩි විය යුතුයි.
7. ඒ වගෙම තමයි ආරුක්කු හැඩයේ නැම්ම. මේ නැම්ම ඕකිඩ් වගාව සදහා කිසිම බල පෑමක් කරන්නෙ නැහැ.
ඒ නිසා ඔබේ රුචිකත්වයට අනුව එය වෙනස් කරගන්න පුලුවන් .
8. වහලය සදහා පොලිතින් තෝරා ගැනීමත් යම් ගැටලු සහගත තත්වයක් .
වර්ධන අවදිය වර්ෂා ජලයට හසු වනසේ පවත්වාගෙන යාමත් මල් පිපෙන සමයේ ඉන් වැලකෙන පරිදි තබා ගැනීමට සිදු වීමත්
ඕකිඩ් සාමාන්‍යයෙන් ඉහල උෂ්ණත්වයට ප්‍රිය කිරීමත් එයට හෙතුවයි.
මේ නිසා වහලය සදහා UV Treated polythene යොදා එයට අඩි දෙකක් පමණ පහතින් අවශ්‍ය විටෙක ඉවත් කල හැකි වන සේ 50% දැල යෙදීම සිදු කල හැකී.
එසේ නැතහොත් වහලය කොටස් දෙකකට බෙදා එක කොටසකට පොලිතින් ද අනික් කොටසට දැල් ආවරණය කල හැක.
ඔබ ප්‍රදේශය උශ්ණත්වය ඉහල නම් 50% දැල පමණක් යෙදිය හැකි වෙනවා.
ඔබ සීත දේශගුණයක් සහිත ප්‍රදේශයක ජීවත් වෙන්නෙක් නම් ඔබට පොලිතින් ආවරණයක් පමණක් වහලයට යෙදීම කල හැකි වෙනවා.
09. ඕකිඩ් වගාවක් සදහා සතියකට දෙවරක් පමණක් ජලය යෙදීම ප්‍රමාණවත් . නිතරම වැසි ලැබෙනවා නම් ඉන් මිදීම සදහා පොලිතිනයක් භාවිතා කල හැකි වෙනවා.
බොහෝ විට ඕකිඩ් වැහි ජලයට හුරු වූ විට ඉහල උශ්ණත්වය අනුගත වීම වෙනස් වෙනවා.
ඒ නිසා ඔබට අවශ්‍ය පරිදි වගාව පාලනය කලහැකි වීම ඕකිඩ් වල ප්‍රධාන ලක්ෂණයක් .
10. දැල් ගෘහයක් තුල අඩි 3 1/2 උසින් පෝච්චි තැබීමට මේස සකස් කල යුතු වෙනවා.
කොන්ක්‍රීට් පටි මේස හෝ කම්බි දැල් මේස මේ සදහා භාවිතා කල හැකි වෙනවා.
මේ ඕකිඩ් වගාවකට අවශ්‍ය ප්‍රධානම සාධක කිහිපයයි.මේවා තව දුරටත් විස්තර අවශ්‍ය නම් කියන්න. අපි ඒ ගැන තව දුරටත් කතා කරන්නම්.
තවත් දවසකදී මල් ලොව හැඩකාරිය ඕකිඩ් ගැන කතිකාවතකින් හමුවෙමු. එතෙක් ඔබට ආයුබෝවන් . .


No comments:

Post a Comment