Friday 30 October 2015

ඕකිඩ් සදහා පොහොර යෙදීම

ඕකිඩ් සදහා පොහොර යෙදීම...,මේ සම්බන්ධව ලියැවෙන හතර වෙනි ලිපියයි මේ..



ගොඩක් අය confused වෙන , ඕකිඩ් එපා වෙලා යන මාතෘකාවක් වෙච්ච ඕකිඩ් සදහා පොහොර යෙදීම සරලව හිතන්නෙ කොහොමද කියන එක මම කියලා දෙන්නම්.
මොකක් කරන්නත් කලින් ඕනෑම දෙයක තමන්ට ආවේණිකත්වයක් තියෙනවා වගේ ඕකිඩ් සදහා පොහොර යෙදීමෙදී ඒ ආවේණිකත්වයට හානි කර ගන්න එපා.
පොහොර යෙදීමේ මූලික සිද්ධාන්තය ඉගෙන ගෙන පොහොර යෙදීමේ කාලසටහන තමන්ම හදා ගන්න.
තමන්ගේ විශ්වාසය සහ තෝරා ගැනීම මත හොද ආයතනයක නිශ්පාදන තෝරා ගන්න.
ඕකිඩ් සදහා පොහොර යෙදීමෙදී
01. යුරියා සහිත පොහොර
02. ක්ලෝරින් සහිත පොහොර
03. ක්ලෝරින් යෙදූ වතුර යෙදීමෙන් වලකින්න.
ලංකාවේ බොහෝමයක් ආයතන වල පොහොර නිශ්පාදන වල Base එක විදියට යුරියා තියෙනවා . යූරියා වතුරේ දිය කරනකොට අතට තද සීතලක් දැනෙනවා.
ඒ වගේම එහි නයිට්‍රජන් අඩංගු මොන සංයෝගයක් ලෙසද කියලත් දවටනයේ සදහන් වෙනවා.
ඒ නිසා ඒ ගැන සැලකිලිමත් වෙන්න.
හැමදාම කියනවා වගේ
පොඩි පැල වලට නයිට්‍රජන් ඉහල පොහොර ,
මද්‍යම පැල වලට සමතුලිත පොහොර සහ
මල් පිපීමට ආසන්න ගස් වලට පොස්පරස් , පොටෑසියම් ඉහල පොහොර යෙදීමට වග බලා ගන්න.
මීට අමතරව කැප්ටාන් සහ මැංකොසෙබ් කියන දිලීර නාශක දෙක සතියකට වරක් මාරුවෙන් මාරුවට යෙදීම
කාබනික දියර පොහොර වර්ගයක් යෙදීමට හෝ යුරියා රහිත ඇල්බට් සොලියුශන් යෙදීමට හැකියාව ඇත.
වයස් සීමාවට ගැලපෙන කැට පොහොර යෙදීමද සිදුකල හැක.( ඔස්මකොට් හෝ නියුට්‍රිකෝට් )
ඔන්න ඔය ප්‍රධාන සිද්ධාන්ත උපයෝගී කර ගනිමින් සතියකට දින දහයකට ගැලපෙන පොහොර යෙදීමෙ කාලසටහනක් හදාගන්න . . .
කොච්චර පොහොර දැම්මත් අව්ව සහ අවශ්‍ය උශ්නත්වය , තෙතමනය තිබුනෙ නැත්තම් ඕකිඩ් බබාලට ප්‍රශ්න ගොඩයි.
වැහි වතුර එකතු කරලා ඕකිඩ් වලට දාන්න. .
නොතේරෙන යම් තැනක් ඇත්නම් සාකච්ඡාවට කමෙන්ටුවක් යොදන්න. .
DD orchids මගින් සකස් කරන ලද පොහොර යෙදීමේ ප්‍රතිකාර සටහනක් ලබා ගැනීමට අවශ්‍ය නම් ලබන මස මුල් සතිය ඇතුලත මුද්දර ගැසූ ලියුම් කවරයක් පහත ලිපිනයට යොමු කරන්න
Dilhan darshana senanayake ,
DD orchids ,
Hathagoda ,
Ampagala .
Ruwanwella

No comments:

Post a Comment