Friday 26 June 2015

අද මම ඔබට කියලා දෙන්නම් අපි බදුන් ගත කරපු ඕකිඩ් පැලේකට මූලික වර්ධනය සදහා අවශ්‍ය පොහොර යොදන්නේ කොහොමද කියලා.

අද මම ඔබට කියලා දෙන්නම් අපි බදුන් ගත කරපු ඕකිඩ් පැලේකට මූලික වර්ධනය සදහා අවශ්‍ය පොහොර යොදන්නේ කොහොමද කියලා.

බදුන් ගත කරපු ඕකිඩ් ගහක වර්ධනය රදා පවතින්නෙ එහි මූල මන්ඩලය මත .
ඒ හින්දා හොද මූල පද්ධතියක් ගොඩ නගා ගැනීම ප්‍රධාන අවශ්‍යතාවය වෙනවා.
ඒනිසා ඕකිඩ් පදුරක් බදුන් ගත කලහම අපි එයට යොදන පොහොර ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනි.
ඒ වගේම ජලය සහ දේශගුණය.
බදුන් ගත කල පැල්යක් අවම මාස 3 ක් වර්ධනය සදහාත් තවත් මාස 3ක් මල් පිපීම සදහාත් ප්‍රතිකාර කල යුතු වෙනවා.
සතියකට වරක් නයිට්‍රජන් ඉහල පොහොරක් ස්ප්‍රේ කිරීම හෝ ජලයේ දිය කර මාධ්‍ය තෙමීම කල යුතු වෙනවා. .
Nitro plus / advance nitros
මුල් පද්ධතිය වර්ධනයට ඔක්සීන අඩංගු ප්‍රතිකාරයක් සතියකට වරක් ස්ප්‍රේ කිරීම හෝ ජලයේ දිය කර මාධ්‍ය තෙමීම කල යුතු වෙනවා
මෙම ප්‍රතිකාර වල මිල ඉහලයි.
Bioxo ii / freshoxi
සියලුම අධිමාත්‍ර සහ අංශුමාත්‍ර මූල ද්‍රව්‍ය අඩංගු ප්‍රතිකාරයක් සතියකට වරක් ස්ප්‍රේ කිරීම හෝ ජලයේ දිය කර මාධ්‍ය තෙමීම කල යුතු වෙනවා
මෙමගින් පදුරු වර්ධනය හරිත වර්ණ එක්වීම සිදු වෙනවා
Maxicrop / macxigrow
ඕකිඩ් පහසුවෙන්ම දිලීර බැක්ටීරියා රෝග වලට භාජනය වන නිසා සතියකට වරක් මූල පද්ධති දිලීර නාශකයක් හා පත්‍ර දිලීර නාශකයක් මාරුවෙන් මාරුවට යෙදිය යුතු වෙනවා.
Captan / mancozeb
සමතුලිත අධිමාත්‍ර මූල ද්‍රව්‍ය සංයෝගයක් යොදා ඕකිඩ් ගසේ ජීව ගුණය ඉහල දැමිය යුතු වෙනවා.
මෙයද ස්ප්‍රේ හෝ ජලයේ දිය කර මාධ්‍ය තෙමීම කල හැක.
20;20:20 (N:P:K)
මීට අමතරව ඇල්බට් ද්‍රාවනය , 10:52:10 වැනි ප්‍රතිකාරද කුඩා පැල වර්ධනය සදහා යෙදිය යුතු වෙනවා. .
ඔස්මකොට් කැට පොහොර Growing step මෙම ප්‍රතිකාරය ආරම්භ කර මාසෙකින් පමණ කැට 6-8 මාධ්‍යට එකතු කල හැකිය .
මෙය මාස 3-4 ප්‍රමාණවත් .
මතක තියා ගන්න.මල් පිපෙන ලොකු මව් ශාක වලට මේ ප්‍රතිකාර රටාව ගැලපෙන්නෙ නෑ. .
ගහ දුර්වල වෙන්න පුලුවනි . .
ඒ නිසා වර්ධන අවදියේ කුඩා පැල කොම්පොට් පැල වලට මෙය ඉතා සුදුසුයි.
මල් පිපීමෙන් පසු නැවත නව බල්බයක් එන විරාම කාලය ගන්නා මව් ශාක වලටත් මෙය සුදුසුයි.
උදෑසන 10-12 අතර කාලය මේ සදහා සුදුසුය.
කුඩා පැල වලින් මල් ගන්න යැයි පොටෑසියම් ඉහල ප්‍රතිකාර ලබා නොදෙන්න.
දිලීර නාශක යොදන භාජනයටම අනික් ප්‍රතිකාර මිශ්‍ර නොකරන්න .
වෙන් වෙන් භාජන පාවිච්චි කරන්න .
ස්ප්‍රේ කිරීම හෝ මල් බාල්දියේ තනුක කර මාධ්‍ය තෙමීමද සාර්ථක බව මතක තබා ගන්න.
ඔබේ ගැටලු කමෙන්ට් කරන්න.
අපි ඊලගට කතා කරමු මව් ශාක වලට ලබා දෙන ප්‍රතිකාර ගැන.



No comments:

Post a Comment