ආයුබෝවන් යාලුවනේ. . අදත් ඕකිඩ් ගැන වැදගත් මාතෘකාවක් අරගෙන මම ආවෙ. අපි කතා කරමු ඕකිඩ් වගාවේ මාධ්‍ය සකස් කර හැනීම සම්බන්ධව . ඕකිඩ් වගාවේ මාධ්‍ය විදියට උලු කැට කැබලි අගුරු කැබලි පොල්ලෙලි කැබලි චිප් ගල් පතුරු භාවිතා කරන්නට පුලුවන්.
නමුත් අද වෙනකොට විවිධ සමාගම් ඔය මම ඉස්සෙල්ලා කිව්ව දේවල් පාවිච්චි කරලා ඕකිඩ් මීඩියා කියලා විකුනනවා . නමුත් අපි ඕවා මිලට ගන්න යන්න එපා. පරණ උලු කෑලි පොල් ලෙලි අගුරු හොයා ගන්න ඕන තරම් තැන් තියෙනවා ලංකාවේ . ඒ නිසා මුදල් වැය කිරීම සීමා කරන්න. උලු කැට කැබලි සකස් කිරීම කැඩී ගිය උලු කැට කොටසක් හෝ උලු කැටය ගෙන යකඩ මිටියක් ආධාරයෙන් කුඩා කොටස් වලට කඩා ගන්න. වතුර බේසමක් ගෙන කඩා ගත් උලු කැට කැබලි හොදින් සෝදා ගන්න. ඉන් පසු තද ඉර අව්වෙ පැය කිහිපයක් වියලා ගන්න. මාධ්‍ය ලෙස ඉදිරියේදි භාවිතා කරන්නේ නම් කැප්ටාන් මැංකොසෙබ් වැනි දිලීර නාශක කුඩු ස්වල්පයක් මිශ්‍ර කර පොහොර කවඩරක දමා ගබඩා කර තබා ගත හැක. නැතහොත් වියලා ගත් කැබලි වතුරේ පොගවා පෝච්චියට එකතු කර ගත හැකිය. අගුරු භාවිතය දුම්මල සහිත ශාක වල හැර වෙන ඕනෑම ශාකයක තද අරටුවේ අගුරු ඕකිඩ් මාධ්‍ය ලෙස භාවිතා කල හැකි වෙනවා. අගුරු සකස් කිරීම සාමාන්‍ය ලිපේ නම් පුලිගු වලට වතුර ගසා නිවෙන්නට හරින්න. ජලයේ සෝදා තද අව්වේ පැය කීපයක් වියලා ගන්න. කැප්ටාන් ස්වල්පයක් මිශ්‍ර කර ඉදිරි භාවිතය සදහා පොලිතින් මලුවල බහා තබන්න. නැත්නම් ජලයේ පොගවා භාවිතයට ගන්න. කුඩා චිප්ගල් ද ඕකිඩ් මාධ්‍ය ලෙස භාවිතා කල හැකි වෙනවා. නමුත් පතුරු චිප් ගල් යොදා ගන්න පුලුවන් නම් ගොඩක් හොදයි . ග්‍රැනයිට් හෝ නයිස් පාෂාණ වල චිප් ගල් මේ සදහා යෝග්‍යයි. හොදින් සෝදා තද අව්වෙ වියලා භාවිතා කල හැකිය. දිලීර නාශක යෙදීම අවශ්‍ය නොවේ. පොල්ලෙලි කැබලි භාවිතය සිහින්ව කපා ගත් පොල් ලෙලි කැබලි ප්‍රතිකාර කිරීමෙන් පසු මාධ්‍ය ලෙස භාවිතා කරන්නට පුලුවනි නමුත් නිතරම ජලය රැදෙනවා නම් දිලීර ඇති වීමේ අවධානමක් පවතිනවා පොල්ලෙලි කැබලි ප්‍රතිකාර කිරීම 40%-50% මට්ටමෙන් දිරාපත් වූ පොල් ලෙලි හොදින් සෝදා ගත යුතුයි. ඉන් අනතුරුව සිහින්ව කපා ගත යුතු වෙනවා. කපාගත් කැබලි නටන උණු වතුරේ පැය 2- 2 1/2 තම්බා ගත යුතු වෙනවා. ඉන්පසු තද අව්වේ හොදින් වියලා ගත යුතුයි 10% තෙතමන ප්‍රතිශතයක් වෙනතුරු. කැප්ටාන් තේ හැදි 2 ක් පොල්ලෙලි කිලෝ එකකට වනසේ යොදා පොලිතින් බෑගයක දමා ගැටගසා තබා ගත හැකී. නමුත් පොලිතින් කවරයේ ජල බිංදු තැම්පත් වේ නම් එය නැවත වියලා ගත යුතු වෙනවා. . ඕකිඩ් වර්ග වගා කිරීමේදී මාධ්‍ය සැම විටම වියලි තත්වයෙන් තිබිය යුතු වෙනවා. එවිට මූල පද්ධතිය වර්ධනය ඉහල යනවා. තවත් දවසක හමුවෙලා තවත් විස්තර කතාකරමු.සුභ දවසක්.
No comments:
Post a Comment