Sunday 14 June 2015

ඕකිඩ් වගාවට අත්වැලක් II




ඕකිඩ් වගාවට අත්වැලක් II
අපි පසුගිය ලිපියෙන් ලොව ප්‍රසිද්ධම ඕකිඩ් වර්ග කිහිපය ගැන ඉගෙන ගත්තා.
අද අපි ඔබට මේ එකිනෙක ඕකිඩ් වර්ග පහසුවෙන් වෙන්කරලා හදුනා ගන්න පුලුවන් වෙන්න කියලා දෙනවා.
එතකොට වෙළෙඳපොළ තුලදි වගේම ඕනෑම ස්ථානයකදී පහසුවෙන් ඕකිඩ් වර්ග වෙන් කර හදුනා ගත හැකි වෙනවා.
එතකොට වෙළෙඳපොළ තුලදි වගේම ඕනෑම ස්ථානයකදී පහසුවෙන් ඕකිඩ් වර්ග වෙන් කර හදුනා ගත හැකි වෙනවා.ඩෙන්ඩ්‍රෝබියම් (Dendrobium)
පැලනොප්සිස් සහ කේන් යන ඕකිඩ් වර්ග දෙකේ දෙමුහුමකින් නිපදවා ඇති ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් විශේෂය
මේ වර්ග දෙකේම අතරමැදි ලක්ෂණ පෙන්වයි.
විවිධාකාර වර්න රටා පෙන්වන නිසා ඒ අතර පරාගනයෙන් නව විශේෂ බිහි කරයි.
තායිලන්තය වැනි ඕකිඩ් වගාව සදහා ප්‍රසිද්ධ රට වල මේ අයුරින් නව ප්‍රභේද ලක්ෂ ගණනින් නිපදවනු ලබයි.
බහු පාදීය වර්ධනයක් පෙන්වන මෙම විශේෂය කැපුම් මල් සදහා ප්‍රභල ඉල්ලුමක් පවති
බීජ මගින් වර්ධක අංකුර මගින් හෝ පටක රෝපණය මගින් බෝ වීම සිදුවන අතර වර්තමානයේ ජනප්‍රියම ක්‍රමය වන්නේ පටක රෝපණය ක්‍රමයයි.
විසිතුරු ඕකිඩ් වවන්නන් අතරද ඉතා ජනප්‍රිය ඩෙන්ඩ්‍රෝබියම් ඕකිඩ් මල් කිනිත්තක් සහිත බදුනක් රුපියල් 500 සිට 1300 පමණ මිලකට ලංකාව තුල අලෙවි වේ.
මේ වනවිට නව ප්‍රභේද බිහිවීම හරහා ඩෙන්ඩ්‍රෝබියම් මල ප්‍රමාණයෙන් විශාල කර ඩෙන්ඩ්‍රෝබියම් පැලනොප්සිස් ආකාරයේ නිශ්පාදනය කර ඇත.
එය නවතම hybrid ආකාරයයි.
අපි ඊලග ලිපි පෙලෙන් ඩෙන්ඩ්‍රෝබියම් පැල ගැන ඉගෙන ගනිමු. . .

No comments:

Post a Comment