Friday, 3 July 2015

දැනුවත් වෙන්න. . . වර්තමානය වෙනකොට බහුලව තායිලන්තයෙන් ඕකිඩ් සහ වෙනත් විසිතුරු පැළ ලංකාවට ආනයනය කරන එක ඉහල ගිහින්. නමුත් මෙතන ඔබ නොදන්නා දෙයක් තියෙනවා.

දැනුවත් වෙන්න. . .
වර්තමානය වෙනකොට බහුලව තායිලන්තයෙන් ඕකිඩ් සහ වෙනත් විසිතුරු පැළ ලංකාවට ආනයනය කරන එක ඉහල ගිහින්.
නමුත් මෙතන ඔබ නොදන්නා දෙයක් තියෙනවා.

මේ ඕකිඩ් පැල ආනයනයට සූදානම් කිරීමේදී පැය 72 කට නොඅඩු කාලසීමාවක් Dehydration තෙතමනය ඉවත් කිරීමේ ක්‍රියාවලියකට භාජනය වෙනවා.
මින් පැළයේ සංචිත ජලයෙන් 50% ආසන්න ප්‍රමාණයක් ඉවත් වෙනවා. පැලයේ බර 70% පමණ අඩු වෙනවා.
ඉතින් ප්‍රවාහනයට වගේම ආර්ථිකය අතිනුත් මේ ක්‍රමය සාර්ථකයි. නමුත් ඔබ දන්නවාද?
මේ නිසා පැලයේ වර්ධන සීඝ්‍රතාවය ඉතාම පහල මට්ටමකට යනවා.
සාමාන්‍යයෙන් මාස 6-12 අතර කාලයක් වෙන්නත් පුලුවනි .
කොටින්ම අපේ ශරීරය වේලිලා වේලිලා ගියොත් අපට කොච්චර අපහසුවක් දැනෙයිද?
අපි ප්‍රකෘති තත්වයට පත් වෙන්න කොච්චර අපහසුද??
ඒ වගේම තමයි.
ගහක් මේ වගේ දෙයක් කොහොම දරා ගනීවිද?
ඒ වගේම මල් පිපුනත් ඒ මල් වල ගුණාත්මක භාවය අඩු වෙන්න පුලුවනි .
පැලය දුර්වල නිසා පහසුවෙන් දිලීර බැක්ටීරියා ආසාදන වීම නිසා රෝග ඇති වෙන්නත් පුලුවන් .
මේ නිසා ඔබ අඩු මිලට ගුණාත්මකව අඩු පැල මිලට ගෙන අපහසුතාවයට පත් වීමට පෙර මේ දැනුවත් කිරීම.






No comments:

Post a Comment