ඩෙන්ඩ්‍රෝබියම් කතිකාවත
කොහොමද බෝතල් පැල හදා ගන්නෙ . . .
හැමෝම මගෙන් ඒ ගැන අහනවා. . . කියලා දෙන්නම්
මෙන්න මගෙ යාලුවනේ ඒ පොරොන්දුව
ඩෙන්ඩ්‍රෝබියම් ෆ්ලාස්ක් විවිධාකාර විදියට ඔබට මිලට ගන්න පුලුවනි .
සාමාන්‍යයෙන් ලීටරයේ බෝතලයක වගා කල ඩෙන්ඩ්‍රෝබියම් ෆ්ලාස්ක් එකක් රුපියල් 1500-2000 මිලකට ගන්න පුලුවනි.
සාමාන්‍යයෙන් ලීටරයේ බෝතලයක වගා කල ඩෙන්ඩ්‍රෝබියම් ෆ්ලාස්ක් එකක් රුපියල් 1500-2000 මිලකට ගන්න පුලුවනි.
01. ලීටර 2-3 ක් පරිමාවක් අල්ලන බේසම් 3 කට ඇල් ජලය පුරවා ගන්න.
02. පැල සහිත ෆ්ලාස්ක් එක ඇතුලට ජලය පුරවා බිද දමා හෝ ප්ලාන්ට් සෙපරේටර් නෝඩ් ස්ටික් එකක් භාවිතා කරලා පැල ටික වෙන් කර ගන්න.
03. ඒගාර් කැටිය සහිත පැල පලමු භාජනයට දමා ඒගාර් සෝදා හරිමින් පිරිසිදු කර ගන්න.
04. පලමුව සෝදා ගත් පැල දෙවන භජනයට දමා නැවත සෝදා ගන්න.
05. තෙවන භාජනයට දමා නැවතත් හොදින් සෝදා ගන්න. මෙහිදී හොදින් මුල් වල තිබෙන ඒගාර් සෝදා හරින්න.
06. සමහරවිට බොහෝ දෙනා මෙම සේදුම් ජලයට මැංකොසෙබ් වගේ දිලීර නාශක භාවිතා කරනවා.
එහෙම පාවිච්චි කරන්න එපා. දිලීර නාශක වලට ඕකිඩ් කුඩා පැල සංවේදී වැඩී.
පැල විනාශ වෙන්න පුලුවන්.
එහෙම පාවිච්චි කරන්න එපා. දිලීර නාශක වලට ඕකිඩ් කුඩා පැල සංවේදී වැඩී.
පැල විනාශ වෙන්න පුලුවන්.
07. සෝදා ගත් පැල පැයක් පමන පත්තර පිටුවක් මත අතුරා තබන්න.
08. මීටර 1/2 × 1/2 ගෝනි කැබැල්ලක් ගෙන ඒක හොදින් ජලයේ සෝදා ගන්න.
සෝදා ගත් ගෝනි කැබැල්ල මැක්සික්‍රොප් තනුක ද්‍රාවණයක පොගවා ගන්න.
ගෝනි කැබැල්ල ප්ලාස්ටික් දැල් කූඩාවක අඩිය අතුරා ගෙන ඔකිඩ් පැල ටික ඒ මත අතුරා ගන්න.
දින කිහිපයක් මේ ගෝනි කැබැල්ල මත ඕකිඩ් පැල ටික තබා ගන්න.
සෝදා ගත් ගෝනි කැබැල්ල මැක්සික්‍රොප් තනුක ද්‍රාවණයක පොගවා ගන්න.
ගෝනි කැබැල්ල ප්ලාස්ටික් දැල් කූඩාවක අඩිය අතුරා ගෙන ඔකිඩ් පැල ටික ඒ මත අතුරා ගන්න.
දින කිහිපයක් මේ ගෝනි කැබැල්ල මත ඕකිඩ් පැල ටික තබා ගන්න.
09.ඉන් පසු කොම්පෝට් එකක් විදියට හෝ කුඩා නෙට් පෝච්චි හෝ කුඩා මැටි පෝච්චි වල මෙම පැල සිටවා ගන්න පුලුවන්.
10. කොම්පෝට් එකකට වඩා කුඩා නෙට් පොට් වල බදුන් ගත කිරීම මගින් 100% ප්‍රතිකාර සෘජුවම පැලයට ලැබෙන නිසා වර්ධනය ඉතා ඉහලයි.
11.මාධ්‍ය විදියට පරණ කොහුබත් , වැලි,කුඩාවට කඩා ගත් උලු කැට කැබලි 1:1:1 අනුපාතයෙන් මිශ්‍ර කරලා එයට තිරාම් හෝ කැප්ටාන් වගේ දිලීර නාශකයක් මිශ්‍ර කරලා භාවිතා කරන්න පුලුවන් .
11.බොහොම ප්‍රවේශමෙන් ඉහත මිශ්‍රණය භාවිතා කරලා ඕකිඩ් පැල බදුන් ගත කරගන්න.
12. වර්ධනය සදහා ප්‍රතිකාර ආරම්භ කරන්න . මාස 6-8 කාලයක් නිසි අයුරින් ප්‍රතිකාර කරන්න.
මේ ක්‍රමයට අමතරව තවත් බොහෝ ක්‍රම තියෙනවා . නමුත් single prospecting orchid growing system එකට අනුව බොහෝ දෙනා මේ ක්‍රමය භාවිතා කරනවා.
විස්තරයෙහි යම් ගැටලු ඇත්නම් කමෙන්ට් කරන්න.
කැපුම් මල් කතිකාවත ii සමගින් හමුවෙමු.
කැපුම් මල් කතිකාවත ii සමගින් හමුවෙමු.
No comments:
Post a Comment